27 April 2024
#දේශීය

නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැටුප කොව්ඩ් අරමුදලට

පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු දාහතර (14)දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කර ඇති කෝවිඩ් අරමුදල සඳහා සිය මාසික වැටුප බැර කිරීමට තීරණය කෙරිණි .

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ ( 20) පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සියලු කමිටු සාමාජිකයන් රැස් වු අවස්ථාවේදි පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ යෝජනාවකට අනුව මෙය තීරණය විය.

එමෙන්ම රට පුරා විසිරී සිටින 1300ක් පමණ වන ශ්‍රිලනිප ප්‍රාදේශීය සියලු මන්ත්‍රීවරුන්ට ඊට දායකත්වය ලබාදෙන ලෙසද ඉල්ලීමක් කෙරිණි. ලැබෙන මුදල් කෝවිඩ් රෝගීන්ගේ සුභසාධනය සඳහා යෙදවීමට තීරණය කළ අතර රෝහල් සඳහා අවශ්‍ය ඔක්සිජන් ඇතුලු අනෙකුත් බෙහෙත් ද්‍රව්‍ය ලබාදීම මෙහිදී මූලික වේ.

ලබන සැප්තැම්බර් දෙවෙනි දාට යෙදී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හැත්තෑ වැනි සංවත්සරය නිමිත්තෙන් ලේ පයින්ට් දහදාහක් ලබාදීමට අවශ්‍ය කටයුතු කිරීමට තීරණය කෙරිණි.

මුළු ලංකාවම ආවරණය වන පරිදි සියලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායක වරුන්ගේ මූලිකත්වයෙන් ආසන සංවිධායකවරුන් ගේ ප්‍රධානත්වයෙන් එම කටයුත්ත ආරම්භ වේ .

ජාතික ලේ බැංකු අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතාගේ පූර්ණ සහාය එම කර්තව්‍ය සඳහා ලබාදීමට එකඟ වී ඇත.

70 වන සංවත්සරය නිමිත්තෙන් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සුවිශේෂී ප්‍රකාශයක් සිදු කරන අතර එය ජනමාධ්‍යවේදීන්ගේ ඉදිරිපිට දී පක්ෂ මූලස්ථානයේ සිදු කිරීමට ද තීරණය විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *