27 April 2024
#දේශීය

මාරක රිය අනතුරකින් තරුණයෙකු මරුට

වේගය පාලනය කල නොහැකි යතුරුපැදියක් විදුලි රැහැන් කණුවක ගැටී අනතුරකට ලක්ව මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ අද (21) උදෑසන ගලේවෙල, මාදිපොල හරහා මාතලේ මාර්ගයේ මහවැහැර ප්‍රදේශයේදී මාතලේ දෙස සිට ගලේවෙල දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට වේගය පාලනය කර නොහැකිවී මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී මෙලෙස අනතුරට ලක්වු බවයි.

අනතුරින් තුවාල ලැබු යතුරුපැදි කරු ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 29 ක් වු ගලේවෙල පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *