රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සල්ලේ (Major General Suresh Sallay) මහතාට එරෙහිව සිදුවන දේශපාලන ක්‍රියාවලීන්ට සහ අසාධාරණ තීන්දුවලට විරෝධය පළ කරමින්, ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා සංවිධානය කරනු ලබන දැවැන්ත සහයෝගිතා මහජන රැළියක් හෙට දින පෙරවරු 10:00 ට කොළඹ කොටුව දුම්රියපොළ (Colombo Fort Railway Station) ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
“සල්ලේ වෙනුවෙන් හෙට උදේ 10ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටට එන්න” සහ “Stand up for Sallay” යන තේමාවන් පෙරදැරි කරගනිමින්, ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවූ හමුදා නිලධාරීන් දේශපාලන පළිගැනීම්වලට ලක්වීමට එරෙහිව පොදු මහජනතාව, සිවිල් සංවිධාන සහ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් මෙම විරෝධතාවය සදහා එක්වීමට නියමිතව ඇත.
















