පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා සිටි හිටපු බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා හදිසියේම රෝහල්ගත කර තිබේ. දරුණු සෞඛ්‍ය අවදානමක් මත ඔහුව දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සනාථ කරයි.
තමන්ව රඳවාගෙන සිටින ස්ථානයේදී වධහිංසා පමුණුවන බවට මීට පෙර චෝදනා කළ සුරේෂ් සලේ මහතා, ඊට විරෝධය පළ කරමින් පසුගිය සිකුරාදා දිනයේ සිට දියර වර්ග පවා ප්‍රතික්ෂේප කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබුණි. මෙම උපවාසය හේතුවෙන් ඔහුගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහී යාම නිසා ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
මේ අතර, සුරේෂ් සලේ මහතාට එල්ල වන අමානුෂික සැලකීම්වලට විරෝධය පළ කරමින් හෙට (ජූනි 08) දින කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් පැවැත්වීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධාන වී තිබේ.
















