ආරක්‍ෂිත හිස්වැසුම් නොමැතිව සහ මාර්ග නීති උල්ලංඝනය කරමින් අන් අයට බාධාවක් වන අයුරින් සමන්තුරේ ප්‍රධාන මාර්ගයක ගමන් කළ තරුණයින් පිරිසක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝවක් පදනම් කරගෙන සිදුකළ විමර්ශනයකින් පසු සැකකරුවන් 06 දෙනෙකු සහ යතුරුපැදි 06ක් සමන්තුරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් කිහිප දෙනෙකු සතුව වලංගු රියදුරු බලපත්‍ර පවා නොමැති බව පොලිසිය අනාවරණය කරයි. සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් යතුරුපැදි හෙට (16) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
















