ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවන් එස්. ධාගරියන් මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
දෙරට අතර දශක ගණනාවක් පුරා පවතින සුහද සහ ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳව මෙහිදී කථානායකවරයා සිහිපත් කළ අතර, ලබන වසරේදී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 70ක් සපිරීම වෙනුවෙන් උත්සව සැමරුම් පැවැත්වීමට නියමිත බව ද සඳහන් කළේය.
















