27 April 2024
#දේශීය

විඩියෝ එකේ හිටියේ මම නෙමෙයි.. – කාවින්ද TTVnews වෙත කියයි

කවුරුන් හෝ පටු අරමුණකින් තමාගේ දේශපාලනයට කැලලක් ඇති කිරීම සඳහා තමා යැයි සඳහන් කරමින් නිකුත් කල විඩියෝව සම්පුර්ණයෙන් ව්‍යාජ එකක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කල විමසීමකදී ඒ මහතා කියා සිටියේ අදාළ විඩියෝ පටය සම්බන්ධයෙන් මේ වන විට තමා සියළු තොරතුරු කොළඹ අපරාධ විමර්ශන ඒකකයට දැනුවත් කල බවයි.

එම විඩියෝ පටය 2018 වසරේදී ඉන්දියාවේ නිපදවා ඇති බවත් එහි තමාට සමාන රූපයක් ඇති පුද්ගලයෙකුගේ විඩියෝ කොටසක් ගෙන මෙලෙස අන්තර්ජාලයට මුදා හැර තමාගේ දේශපාලන ජිවිතයට යම් කැළැලක් කිරීමට කටයුතු කිරීමට කවුරුන් හෝ උත්සහා කරන බවයි. එසේම එවැනි දේ පිළිකුලෙන් හෙලා දකින අතර අදාළ පරික්ෂණ කටයුතු නිසි ලෙස සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බව ජයවර්ධන මහතා අප වෙත පැවසිය.

දැනට අනාවරණය වන තොරතුරු අනුව ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු හා විපක්ෂයේ තරුණ දේශපාලනඥයකු කෙරෙහි පොලිස් විමර්ශකයින් ගේ අවධානය යොමුව ඇති අතර සිද්ධියට සම්බන්ධ කවරෙකු වුවද ඔහුගේ හෝ ඇයගේ තරාතිරම නොසලකා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා විසින් පොලිසියට නියෝග කර ඇත.

මේ වන විට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පවා මෙම විඩියෝව මුදා හරින අයව සොයා අදාල විමර්ශන කටයුතු සිදු කරන ලෙස දැනුම් දීමක් සිදු කර ඇත්තේ ද ජනාධිපතිවරයා බවත් ඒ අනුව අදාළ කටයුතු නිසි ලෙස සිදු වනු ඇති බව තමා බලාපොරොත්තු වන බව ජයවර්ධන මහතා කියා සිටියේය.

ඒ අනුව එම කාර්යය කටයුතු කිරීමට ලබා සහායට ජනාධීපතිවරයාට සිය ස්තුතිය දුරකතනයෙන් දැනුම් දුන් බව කාවින්ද ජයවර්ධන මහතා අප වෙත කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *