එංගලන්තයට එරෙහිව එක්දින ක්රිකට් තරගයකදී ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක් හඹා ගොස් ශ්රී ලංකාව ලැබූ ඓතිහාසික ජයග්රහණය පිළිබඳව හිටපු ශ්රී ලංකා නායක කුමාර් සංගක්කාර විශේෂ සටහනක් තබා තිබේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් සංගක්කාර පෙන්වා දී ඇත්තේ පවන් රත්නායක, දසුන් ශානක, ජනිත් ලියනගේ සහ අවිශ්ක ප්රනාන්දු දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් මෙම ජයග්රහණය ඉහළින් සැමරීමට ශ්රී ලංකා කණ්ඩායමට අයිතිය ඇති බවයි.
එහෙත් ජයග්රහණයේ සතුට භුක්ති විඳින අතරම ඉදිරි අභියෝග කෙරෙහි අවධානය යොමු කිරීම ද වැදගත් බව ඔහු අවධාරණය කර තිබේ.
ලබන වසරේ දකුණු අප්රිකාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා දිගුකාලීන සැලසුම් ක්රියාත්මක කිරීම ශ්රී ලංකා ක්රිකට් බලධාරීන්ගේ වගකීමක් බව ද සංගක්කාර පෙන්වා දී ඇත.
රාවල්පින්ඩිහිදී පැවති තරගයේදී එංගලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 429ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙස ශ්රී ලංකාව පන්දුවාර 49යි පන්දු 5කදී කඩුලු 8ක් දැවී ලකුණු 430ක් ලබාගනිමින් කඩුලු 2ක ජයක් වාර්තා කළේය.
















