ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වෙනස් වන සෑම අවස්ථාවකදීම මෙරට ඉන්ධන මිල සංශෝධනය කරන්නේ නම් ආණ්ඩුවක අවශ්යතාව කුමක්දැයි අතීතයේදී මතු කළ ප්රශ්නය ජනතාවට තවමත් අමතක වී නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, වත්මන් අවස්ථාවේදී වරායෙන් ගොඩබාන පෙට්රල් ලීටරයක පිරිවැය කොපමණද යන්න ජනාධිපතිවරයා ජනතාව හමුවේ පැහැදිලි කළ යුතු බවයි.
මේ අතර, රජයේ නිල ඉන්ධන මිල සූත්රය අනුව ඉන්ධන මිල තීරණය කිරීමේදී ආනයනික ඉන්ධනවල landed cost ඇතුළු සැකසුම්, ගබඩා, බදු, අනෙකුත් වියදම් සහ ලාභ ආන්තිකය වැනි අංග සැලකිල්ලට ගනී.
















