ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නීතියට ඉහළින් කිසිවෙකු නොමැති බව නිරන්තරයෙන් පැවසුවද, එය සමාජය තුළ රාජ්ය අනුග්රහයෙන් පතුරුවන ව්යාජ ප්රකාශයක් පමණක් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න පවසයි.
පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්රීවරයා මෙම අදහස් පළ කළේය. හිටපු අමාත්ය කුමාර ජයකොඩි සම්බන්ධ චෝදනාවලදී සහ කන්ටේනර් 323ට අදාළ සිදුවීම්වලදී නීතියට ඉහළින් කිසිවෙකු නැති බව ඔප්පු කර පෙන්වන ලෙස හෙතෙම ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට අභියෝග කළේය. වත්මන් ආණ්ඩුව විසින් තමන් තෝරාගත් විශේෂිත පිරිසක් නීතියෙන් ඉතා ආරක්ෂිතව තබාගෙන සිටින බවත්, විමර්ශන ආයතන දේශපාලනීකරණය කරමින් තෝරාගත් පිරිසකට පමණක් නීතිය ක්රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය. ඇතැමුන් වත්මන් පාලනය එළාර රජුගේ යුක්තිගරුක පාලනයට සමාන කිරීම අමූලික බොරුවක් බවද සංජීව එදිරිමාන්න වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















