අනුරාධපුර ශ්රාවස්තිපුර තිඹිරිකඩවල ප්රදේශයේ ගල් තලාවක් සහිත ඉඩමක පිහිටි දේවාලයක් තුළ අනවසරයෙන් කැනීම් කර නිදන් ලබා ගැනීමට තැත් කිරීම සහ කුමන්ත්රණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කොළඹ දිශාව භාර හිටපු නියෝජ්ය පොලිස්පති උදිත් ලියනගේ සහ හිටපු හමුදා සාමාජිකයෙකුට එරෙහි නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්ෂි ලබන 23 වැනිදා කැඳවන ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සියපත් සසිදු වික්රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් වීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. මීට පෙර මෙම සිද්ධියට අදාළව වරද පිළිගත් හිටපු නියෝජ්ය පොලිස්පතිවරයාගේ බිරිය සහ කට්ටඩියෙකු ඇතුළු සැකකරුවන් 7 දෙනෙකුට රුපියල් 100,000 බැගින් දඩ නියම කෙරුණු අතර, චෝදනාවට වරද පිළිනොගත් හිටපු නියෝජ්ය පොලිස්පතිවරයා සහ හමුදා සාමාජිකයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
















