වත්මන් රජය සිය පස් අවුරුදු ධුර කාලය සාර්ථකව සම්පූර්ණ කළ යුතු බව තමන් අධිෂ්ඨාන කරගෙන සිටින බවත්, කිසිදු හේතුවක් මත රජය පෙරළා දැමීමේ උත්සාහයකට සහාය නොදක්වන බවත් හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.
රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ඊයේ (28) අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. වත්මන් රජය සම්බන්ධයෙන් මතුවන විවිධ අදහස් මධ්‍යයේ සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඒ මහතා ප්‍රකාශ කළේ දේශපාලන අස්ථාවරත්වයන් ඇති කිරීම වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ගරු කිරීමේ වැදගත්කමයි. තවද, රටේ ප්‍රගමනය සඳහා වගකිවයුතු විපක්ෂයක අවශ්‍යතාවය සහ ජනතා වරමට ගරු කරමින් රජයට තම කාර්යභාරය ඉටු කිරීමට ඉඩ දිය යුතු බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.















