පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අනිවාර්යයෙන්ම සිටින බවට තමන් විශ්වාස කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි.
සුරේෂ් සලේ මහතා හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම “දකුණු අත” වැනි චරිතයක් ලෙස කටයුතු කළ බවත්, මෙම සමස්ත සිදුවීම් දාමය දෙස බැලීමේදී ඔවුන් දෙපළ මෙම අවාසනාවන්ත ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සෘජුවම සිටින බව පැහැදිලි වන බවත් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
















