මෙරට තුළ දෙමළ ජන සංහාරයක් සිදුවූ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය විමසමින්, සර්වජන බලය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
එම පක්ෂයේ මහලේකම් නීතීඥ රංජන් සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ලිපිය මගින්, මෙරට තුළ කිසිදිනෙක කිසිදු ආකාරයකින් දෙමළ ජන සංහාරයක් සිදුවී නොමැති බව සිය පක්ෂයේ ස්ථාවරය බව අවධාරණය කර ඇත. අදාළ කාරණය සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු තුනක් විමසමින් මෙම ලිපිය යොමු කර තිබේ.















