• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උතුරේ ජලගැලීමෙන් අවතැන්වූවන්ට සතොසෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය

26 December 2018
in දේශීය

උතුරේ ජල ගැලීමෙන් අවතැන් වූ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සැපයීමේ අරමුණින් ලංකා සතොස මගින් ක්‍රියාවට නංවන වැඩසටහනේ පළමු අදියර ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු ලොරි රථ පහක් (05) වැලිසර පිහිටි සතොස ගබඩා පරිශ්‍රයේ සිට ජල ගැලීමෙන් හානියට පත් ජනතාව වෙසෙන ප්‍රදේශවල ලංකා සතොස ශාකා වෙත පිටත් කර හැරීම අද (26) සිදුකෙ‍රෙණි.

අදාළ ප්‍රදේශවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇති බවට මාධ්‍ය මගින් තොරතුරු පළවීමත් සමග කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අවධානය මේ සඳහා යොමු වී ඇති අතර ඔහුගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම ක්‍රියාන්විතය ආරම්භ කිරීමට ලංකා සතොස තීරණය කර ඇත.

මේ යටතේ හාල්, අල, පරිප්පු, ළූණු, කිරිපිටි, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලොරි රථ මගින් පිටත් කර හැරීම ලංකා සතොස ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරුණු අතර එම ප්‍රදේශවල ජනතාවට හිඟයකින් තොරව මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ඇති තරම් තොග රැස් කර තබා ගන්නා ලෙස ලංකා සතොස සභාපති එම්.තාරික් කලීල්, ප්‍රධාන විධායක නිලධාරී එච්.එම් ෆරාස් යන මහත්වරු ඇතුළු පාලන අධිකාරිය විසින් උතුරේ සතොස ශාකා කළමණාකාරවරුන් දැනුවත් කර ඇත.

Post Views: 22
Previous Post

අවුරුදු හතේ ඔස්ට්‍රේලියා නායකයා අද තරඟ බිමට 

Next Post

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවිමට අවශ්‍ය පියවර ගන්න – ඇමැති හැරිසන් කියයි

editor

editor

Next Post

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවිමට අවශ්‍ය පියවර ගන්න - ඇමැති හැරිසන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved