රුසියානු ගුවන් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමක නිරතව සිටියදී තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යුක්‍රේන ගුවන් හමුදාවට අයත් F-16 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් කඩා වැටී ඇති බව යුක්‍රේන ගුවන් හමුදාව තහවුරු කරයි.
කෙසේ වෙතත්, අනතුර සිදුවීමට පෙර ගුවන් යානයේ සිටි නියමුවා සාර්ථකව පිටතට පැන (eject) සිය පණ බේරාගෙන ඇත. ඔහු මේ වන විට ආරක්ෂිතව මුදාගෙන වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්ගත කර ඇති බවත්, අනතුරින් සිවිල් වැසියන්ට හෝ දේපළවලට කිසිදු හානියක් සිදුවී නොමැති බවත් යුක්‍රේන බලධාරීන් සඳහන් කරයි.
නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය ඇතුළු නේටෝ (NATO) සාමාජික රටවලින් යුක්‍රේනය වෙත මෙම ඇමෙරිකානු නිෂ්පාදිත F-16 ප්‍රහාරක යානා ලබා දී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්















