ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග මාලාව ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරග මාලාවේ පළමු ටෙස්ට් තරගය ලබන අගෝස්තු 15 වනදා සිට 19 වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, දෙවන ටෙස්ට් තරගය අගෝස්තු 23 වනදා සිට 27 වනදා දක්වා එස්.එස්.සී. (SSC) ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ගාල්ල ක්‍රීඩාංගණයේ 4 වන ගේට්ටුවෙන් සහ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ 03, 04, 05 හා 07 යන ගේට්ටුවලින් ප්‍රේක්ෂකයින්ට කිසිදු ගාස්තුවකින් තොරව ක්‍රීඩාංගණ වෙත ඇතුළු වී තරග නරඹන්නට අවස්ථාව සලසා දී ඇත.














