සෞදි අරාබියේ ජාතික ඉන්ධන සැපයුම්කරු වන ඇරැම්කෝ සමාගමේ මූලස්ථාන සංකීර්ණයේ ගොඩනැගිල්ලකට හූති කැරලිකරුවන් මිසයිල ප්රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ප්රහාරයෙන් මූලස්ථාන සංකීර්ණයේ පිහිටි පාලන කාර්යාල ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති අතර, ඉන් අනතුරුව සුළු ගින්නක් ද හටගෙන ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, සෞදි බලධාරීන් සහ එරට බලශක්ති අමාත්යාංශය තහවුරු කර ඇති පරිදි මෙම ප්රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.
















