යුක්‍රේන යුධ උපකරණ වෙනුවෙන් යුරෝපා සංගමය විසින් යුරෝ බිලියන 6.1ක අතිරේක මුදලක් වෙන් කර ඇති අතර, ඊට අමතරව යුරෝපා රටවල් සතුව පවතින පේට්‍රියට් මිසයිල තොගවලින් කොටසක් වහාම යුක්‍රේනයට ලබා දී, 2027 වසරේදී ලැබීමට නියමිත නව මිසයිල මගින් ඒවා ප්‍රතිස්ථාපනය කර ගැනීමට මඟ සලසමින් තිබේ.
රුසියානු මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ඉදිරි ශීත සෘතුව සාර්ථකව ජය ගැනීම සඳහා යුක්‍රේනයට පේට්‍රියට් අතුරුමංකාරක (interceptors) 300ක් පමණ අවශ්‍ය වන බව ගණන් බලා ඇත. එක් PAC-3 මිසයිලයක් නිෂ්පාදනය කිරීමට මාස 24ක පමණ කාලයක් ගතවන අතර එහි පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 4ක් පමණ වන බැවින්, යුක්‍රේනයට ඉක්මනින් මිසයිල ලබා දිය හැකි එකම මග ලෙස යුරෝපා රටවල ගබඩාවල ඇති තොග ලබා දීම සැලකිල්ලට ගෙන තිබේ.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(x) ඇසුරින්














