2026 වර්ෂයට අදාළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය හෙට (අප්‍රේල් 20) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් මෙලෙස යළි විවෘත වේ.
එමෙන්ම, මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ සිව්වන අදියර ද හෙට දිනයේ සිට ආරම්භ වීමට නියමිතය. සියලුම පාසල්වල අධ්‍යයන කටයුතු හෙට සිට සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බැවින් සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම අපේක්ෂා කරන බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.














