• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පිළිබඳව සමාජය තුළ සංකල්පමය වෙනසක් සිදුකරනවා – රාජ්‍ය අමාත්‍ය අනුප

9 April 2024
in දේශීය, පුවත්
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පිළිබඳව සමාජය තුළ සංකල්පමය වෙනසක් සිදුකරනවා – රාජ්‍ය අමාත්‍ය අනුප

මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසයි.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1089ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “මෙම වසරේ අවසන් කාර්තුවෙන් පසු මෙරට ආර්ථික සංකෝචනය අඩු වී 2024 වසරේදී ධන ආර්ථිකයකට යොමු වීමේ හැකියාවක් අපට ලැබී තිබෙනවා. පාරිභෝගිකයාට දරා ගත නොහැකිවූ ජීවන වියදමට විසඳුම් ලබා දීම අපේ ආර්ථික වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණක් වුණා. නමුත් ඉකුත් වසරට සාපේක්ෂ්ව ජනතාව මෙවර සුපුරුදු පරිදි අලුත් අවුරුදු සැමරීම වෙනුවෙන් තම දෛනික කටයුතුවල නිරත වෙමින් සිටිනවා. එමෙන්ම මෙම වසරේ අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1089ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එහිදි විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම” යන විශේෂාංග මේ වන විට සමාජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එය අප අමාත්‍යාංශය විසින් ද පිළිගෙන තිබෙනවා. ඒ වෙනුවට “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” යන නම් යොදන ලෙස සංවිධායකයින් දැනුවත් කර තිබෙනවා. එමඟින් අප බලාපොරොත්තු වන්නේ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීමයි. ඒ වගේම සියලුම අවුරුදු උත්සව සඳහා ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ද අප විසින් සංවිධානය කර තිබෙනවා. මෙරට සංචාරක කර්මාන්තය පසුගිය සමයේ කඩා වැටීමට ලක්ව තිබුණා. නමුත් ජනාධිපතිතුමාගේ නව වැඩපිළිවෙලට අනුව මෙම වසරේ අද දක්වා කාලය තුළ සංචාරකයින් 635,784 ක් දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1025ක් උපයා තිබෙනවා. සියළුම අමාත්‍යංශ විසින් සමාජය සවිබල ගැන්වීමේ වැඩසටහන් දියත් කර තිබෙනවා. එමඟින් පවුල් 10,000ක් සඳහා ගම් කුකුළු නිෂ්පාදන මධ්‍යස්ථාන ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. එම වැඩසටහන මැයි මාසයේ ආරම්භ කිරීමට ආදාළ සියළු කටයුතු සූදානම් බව ද පැවසිය යුතුයි. ඒ සඳහා ණය සහ ආධාර ලබා දීමට ද නියමිතයි. තේ වගාව වෙනුවෙන් පවුල් 14,000ක් සඳහා තේ පැල ලබාදීමට ද අප කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම අස්වැසුමලාභීන් වෙනුවෙන් තේ පැල නොමිලේ ලබාදීමට කටයුතු කරනවා. 36%ක්ව පැවති පොලී අනුපාතය අඩුකරමින් 12%ක් වශයෙන් සහන ණය ලබාදීමට කටයුතු කරනවා. එමෙන්ම කාන්තා “ලිය සවිය” වැඩසටහනට සමගාමීව 12% පොලී අනුපාතය යටතේ ඕනෑම නිෂ්පාදනයක් වෙනුවෙන් සහන ණය ලබාදීම, මැයි මාසයේ සිට ආරම්භ කරනවා “ යැයි රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩිදුරටත් සඳහන් කලේය.

Post Views: 6,875
Previous Post

ජාතික ශිෂ්‍යභට බලකායේ දෙවන පුහුණු පාසල ශිෂ්‍ය භටයින්ගේ අයිතියට

Next Post

තරුණයන්ට නිදහස් දේශපාලනයකට අවශ්‍ය පරිසරය සකස් කල යුතුයි – මන්ත්‍රී පාඨලී

editor ttvnews

editor ttvnews

Next Post
තරුණයන්ට නිදහස් දේශපාලනයකට අවශ්‍ය පරිසරය සකස් කල යුතුයි – මන්ත්‍රී පාඨලී

තරුණයන්ට නිදහස් දේශපාලනයකට අවශ්‍ය පරිසරය සකස් කල යුතුයි - මන්ත්‍රී පාඨලී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved