දේශපාලන ක්ෂේත්රයේ වර්තමාන තත්ත්වයන් සහ ඇතැම් දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් පූජ්‍ය මුතුබෙන්නේ සීලරත්න ස්වාමීන් වහන්සේ විසින් මෑතකදී උත්ප්රාසාත්මක සහ දැඩි ප්‍රකාශයක් සිදු කර තිබේ.
වත්මන් දේශපාලන වේදිකාවන්හි සිදුවන විවිධ හැසිරීම් හෙළා දකිමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, ඇතැම් පිරිස් “ඡන්ද නෑ” කියමින් විවිධ ආකාරයෙන් ජනතාව අතර විහිලුසහගත ලෙස හැසිරෙන බවයි. “කොට්ටහච්චි ඡන්ද නෑ කිය කියා නට නටා සිංදු කිය කියා යනවා” යැයි සඳහන් කරමින් උන්වහන්සේ එම හැසිරීම් දැඩි ලෙස හාස්‍යයට ලක් කළහ.
තවදුරටත් අදහස් දැක්වූ සීලරත්න හිමියන්, “මේ නටන කාලේ ඕන නැටුමක් නටන්න” යැයි පවසමින්, බලයේ සිටින හෝ දේශපාලන වාසි අපේක්ෂාවෙන් කටයුතු කරන අයට අවශ්‍ය ඕනෑම ආකාරයක නැටුමක් නටාගත හැකි වුවද, රටේ ජනතාව මේ සියල්ල හොඳින් බලා සිටින බවත් නිසි කාලය පැමිණි විට ජනතාව ඊට කටයුතු කරන ආකාරය පෙන්වා දෙන බවත් අවධාරණය කළහ.














