• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීම් සිදු නොකල ජේෂ්ඨ නිළධාරීන්ට වැඩ වරදි – ඇමැති ටිරාන්

22 April 2024
in දේශීය, පුවත්
අප ආරම්භ කළ යුක්තිය මෙහෙයුම කිසිසේත්ම නතර කරන්නේ නැහැ – ඇමැති ටිරාන්

මැයි මස 31 වනදා වන විට ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීම හරියාකාරව සිදුනොවූ පළාත් වල ජේෂ්ඨ නිළධාරීන්ට ඒ පළාතේ රාජකාරි කළ නොහැකි බවත්,ඔවුන් එම ප්‍රදේශයෙන් ඉවත් කළයුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරය මේ බව පැවසුවේ ඊයේ (21) නුවරඑළියේ පැවති ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙසේ අදහස් පල කලේය “මේ අමාත්‍යාංශය බාරගන්නකොට මට තිබුණු එකම අභියෝගය තමයි මේ රට නිවන එක. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ පාරවල් වල යන්න බැහැ. එක එක ගම් පිහිටුවාගෙන එකම විදේශිකයෙක්වත් මේ රටට ආවේ නෑ, ඔබ සියලු දෙනාම ගෑස් පෝලිම්වල ,පෙට්‍රල් පෝලිම්වල. අන්න ඒ වැනි තත්ත්වයක් තමයි වෙලා තිබුණේ. ඒ වෙලාවේ මම තීරණය කෙරුවා ඒ තත්ත්වය වෙනස් කරන්න දැඩි තීරණ ගන්න ඕනේ කියලා. එහෙම තමයි මහ පාරේ තිබුණු අරගලය මම ඉවර කරේ. ඔබ සියලු දෙනාට තිබුණු අමාරුකම් මම දැනගෙන හිටියා, නමුත් ඒකට විරෝධය ප්‍රකාශ කරන වෙලාවේ , ඒකෙන් දේශපාලන වාසි ගන්න බැලුවා. එක එක චණ්ඩිකම් කරන්න බැලුව මහ පාරේ. ඒ දේවල් වලට ඉඩ තියන්න මට හැකියාවක් තිබුණේ නෑ. අපි රට සමනය කෙරුවා. ආර්ථිකය ගොඩ ගන්න එක ජනාධිපතිතුමා භාරගත්තා. අපි එහෙම කෙරුවේ නැත්නම් සමහරවිට ඔබ සියලු දෙනා තවමත් ගෑස් පෝලිම් වලයි පෙට්‍රල් පෝලිම් වලයි, මට ඊළඟට තිබුණ ප්‍රශ්නය තමයි මේ රටේ කුඩු ප්‍රශ්නයයි පාතාලයයි. පොලිස්පතිතුමා පත්වෙන්න මාස හයකට විතර කලින් එතුමාගේ සභාපතිත්වයෙන් මම කමිටුවක් පිහිටෙව්වා . එම කමිටුවට මම කිව්වේ මුළු රටේම තත්ත්වය අධ්‍යයනය කරලා මට කියන්න කියලා. අපි ඒක මාස හයක් විතර කෙරුවා. ඒ වෙලාවේ මට අවශ්‍යතාවය තිබුණා මෙතුමාව පොලිස්පතිතුමා බවට පත්කරන්න. මෙතුමා පොලිස්පති ධූරයට පත් වෙනවාට විරෝධය පෑවේ මේ වැඩකටයුතු ටික හරියට කරගෙන යනවට අකමැති උදවිය.කොහොම හරි අපි මෙතුමාව පොලිස්පති ධූරයට පත් කරගෙන ඊට පස්සේ මම මෙතුමාට කිව්වා මට එක දවසක මුළු දකුණු පළාතම ආවරණය වෙන පරිදි මෙවැනි සම්මන්ත්‍රණ තියන්න ඕනේ කියලා. අපි පසුගිය දෙසැම්බර් 16 වෙනිදා මෙවැනි සම්මන්ත්‍රණ හතරක් දකුණු පළාතේ තිබ්බා.එහෙම තියලා තමයි අපි රටට දැනුම් දෙන්නේ පහුවදා ඉඳන් අපි යුක්තිය මෙහෙයුම පටන් ගන්නවයි කියලා. අපි දැන් මාස හතරක් විතර වෙනවා යුක්තිය මෙහෙයුම පටන් අරගෙන. ඔබේ ප්‍රදේශයේ කුඩු අඩු වෙලාද පාතාලේ අඩුවෙලාද කියලා ඔබ හොඳටම දන්නවා දැන්.

අපි ඉස්සර ප්‍රජා පොලිස් කමිටු පිහිටවපු විදිය මම වෙනස් කෙරුවා. ඒකටත් මම පොලිස්පතිතුමා පොලිස්පති වෙන්න ඉස්සෙල්ල මං එතුමාට තමයි බාර දුන්නේ අලුත් ක්‍රමයක් හදන්න කියලා ඒක අපි අවසන් කෙරුවේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ . හැබැයි දැන් පොලිස්පතිතුමා මට දැන් කිව්වා ප්‍රජා කමිටු පිහිටුවීම හරියට සිදුවෙලා නෑ කියලා. මං අද පොලිස්පතිතුමාට කියනවා මැයි 31 වෙනකොට කෙරිල නැති පළාත්වල ජේෂ්ඨ නිලධාරීන් ඒ දේ හරියට කරලා නැත්නම් ඒගොල්ලන්ට ඒ පළාතේ ඉන්න බෑ. ඒගොල්ලන්ව අයින් කරන්න ඕනේ. හරියට ප්‍රජා පොලිස් කමිටු පිහිටවලා අපිට වුවමනා වෙලා තිබුණු ඔබ සියලු දෙනාම එක්ක එකතු වෙලා මේ වැඩේ හරියට කරන්න. මේ වෙනකොට සන්තෝසයි අද වෙනකොට විශාල වෙනසක් පෙන්නලා තියෙනවා. මේ අප්‍රේල් මාසෙ වෙනකොට මට පෙනිලා තියෙනවා රටේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. නමුත් හිතන්න එපා මේක හරි ලේසි වැඩක් කියලා. මේක පටන් ගත්තු වෙලා ඉඳලා මට තිබුණු විරෝධය ඉතා විශාලයි. ජාත්‍යන්තරය විසින් මට ලියුම් එව්වා පොලිස්පති තුමාට ලියුම් එව්වා ජනාධිපතිතුමාට ලියුම් එව්වා මේක නවත්තන්න කියලා. පොලිස්පතිතුමාට විරුද්ධව විවිධාකාරයේ වැඩ කෙරුවා. ඒ ඔක්කොම පිටිපස්සේ තිබුනේ කුඩු සල්ලි. සමහරු නීතිඥවරු වෙන්න පුළුවන් සමහර බලවත් අය වෙන්න පුළුවන් ඒ සියලු දෙනාම කුඩු සල්ලි වලින් යැපෙන අය තමයි මේ විරෝධය ප්‍රකාශ කළේ. මං ඔබ සියලු දෙනාටම පොරොන්දු වෙනවා මං මේ ඇමතිකමේ ඉන්නකම් මොන බලවතා මොන විදියට බලපෑම් කෙරුවත් . මම මේ රට කුඩු වලින් හා පාතාලේ මුදවා ගෙන තමයි නතර කරන්නේ.

පොලිසියට තුවක්කු දීලා තියෙන්නේ බල බලා ඉන්න නෙමෙයි, අතගගා ඉන්න නෙමෙයි. තුවක්කුවක් දීල තියෙන්නෙ පාවිච්චි කරන්න ඕන වෙලාවට පාවිච්චි කරන්න. ගම්වල චණ්ඩි ඉන්න බැහැ. මේ පාතාලේ කියන්නේ ගම්වල ඉන්න චණ්ඩි ටිකක් කල් යනකොට සල්ලිවලට මිනී මරනවා. එහෙම තමයි පාතාලේ හැදෙන්නේ. ඉතින් පොලිසිය වැටිලා තිබුණු තත්ත්වය ඔබ සියලු දෙනාම දන්නවා. ඔබ මාධ්‍යයෙන් දකින්න ඇති අරගල කාලේ පොලිස් නිලධාරීන්ට මහපාරේ සැලකුවේ කොහොමද කියලා. ඒ තත්වයට පොලිසිය වැටිලා තිබුණේ. අපි අද වෙනකොට ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙනවා. පොලිසිය නව ජවයකින් වැඩ කරනවා. මම බලාපොරොත්තුවෙනව ඉලක්කයට යන්න බැරි පොලිස් නිලධාරීන් ඉන්නවනම් අපි ඒගොල්ලන්ගේ තනතුරු වලින් ඉවත් කරනවා. අපි එහෙම වැඩපිළිවෙලක් කරනකොට ඔබ සියලු දෙනාම අපි සමග එක් වෙන්න ඕනේ. සියලු දෙනාට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා.

තමන්ගේ ප්‍රදේශය තුළ කුඩු විකුණන අය ගැන පාතාල ක්‍රියාකාරකම් කරන අය ගැන අපිට දන්වන එක විතරයි සියලු දෙනාට කරන්න තියෙන්නේ. ඉතුරු හරිය අපි කරන්නම්. පොලිස්පතිතුමා දුන්නු අංකය හරහා අපිට දැනුම් දෙන්න. මම මේ ඇමතිකමේ ඉන්නකම් මොන ජගත කෝල් කෙරුවත් ගැලවීමක් නෑ.ඉතින් ඒක හින්දා අපිට මේ කමිටු සාමාජිකයන්ට කියන්න තියෙන්නේ තොරතුරු එකතු කරන්න.එකතු කරලා අපිට කියන්න. තමන්ගේ පලාතේ හඳුනන්නැති කවුරු හරි ඇවිල්ලා සැකකටයුතු විදියට ගැවසෙනවා නම් අපිට කියන්න. ඒ විදිහට කිව්වොත් තමයි තමන්ගේ ගම බේරගන්න පුළුවන්. අපි මේ සියලු දේවල් කරන්නේ අපිටත් ජීවිත තර්ජන තියාගෙන .මට ලියුම් එවනවා ටෙලි ෆෝන් කෝල් එනවා . එවැනි තර්ජන මැද අපි මේ දේ කරන්නේ ඔබ වෙනුවෙන් ඔබලාගේ දූ දරුවන් වෙනුවෙන්, ඔබලාගේ පවුල් වෙනුවෙන්. අපි දන්නවා ලංකාවේ පවුල් කොච්චරක් කැඩිලා තියෙනවද මේ කුඩු ප්‍රශ්න හින්දා. අම්මලාට කිසිම දෙයක් තියාගන්ඩ බෑ ඒක උස්සගෙන ගිහිල්ලා විකුණනවා. සාරිය පවා විකුණනවා. ඒ තත්ත්වය වෙනස් කරන්න තමයි අපි මේ දේ පටන් ගත්තේ. ඉතින් ඔබ සියලු දෙනාට කරන්ඩ තියෙන්නේ අපිත් එක්ක එකතු වෙන්න. තමන්ගෙ දරුවට පවුලට රටට ආදරේ නම් අපිත් එක්ක එකතු වෙන්න. අපිත් එක්ක එකතු වෙලා අපිට මේ වැඩ කටයුතු කරගෙන යන්න උදව් කරන්න.

මේ රටේ කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් අපි දැක්කා. ඉතින් මම පොලිස්පතිතුමාට කිව්වා ඒකට අපි වෙනම දුරකථන අංකයක් දීලා කාන්තාවන්ට හා ළමයින්ට තියෙන හිංසනය නැති කරන්න. අපි දන්නවා බස්වල කෝච්චි වල යනකොට මහ පාරේ යනකොට තියෙන ප්‍රශ්න. ඒවා නැති කරන්න අපි පටන් ගත්තා වැඩපිළිවෙළක්. කාන්තාවන් සියලු දෙනාම බය නැතුව අපිට කතා කරලා කියන්න තියෙන ප්‍රශ්න ගැන. අපි මේ සියළු දේම රැයක් දවාලක් නැතුව කරන්නේ මේ රටේ මහජනයා වෙනුවෙන් ඉතිං අපිට කියන්න තියෙන්නේ අපිත් එක්ක එකතු වෙන්න අපිට උදව් කරන්න තොරතුරු සපයන්න යැයි අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Post Views: 9,642
Previous Post

රනිල් නිසා හැමෝම සුරක්ෂිතයි කියලා මට විශ්වාසයි – මන්ත්‍රී වජිර

Next Post

අපි බෙදුවොත් ඡන්ද ගුංඩු ..විපක්ෂය බෙදුවොත් සමාජ සේවය් – ඇමැති ප්‍රසන්න

editor ttvnews

editor ttvnews

Next Post
අපි බෙදුවොත් ඡන්ද ගුංඩු ..විපක්ෂය බෙදුවොත් සමාජ සේවය් – ඇමැති ප්‍රසන්න

අපි බෙදුවොත් ඡන්ද ගුංඩු ..විපක්ෂය බෙදුවොත් සමාජ සේවය් - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved