මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාගය සඳහා සූදානම් වීමට ලැබී ඇති කාලය ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා දැඩි විරෝධයක් පළ කර තිබේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, සාමාන්‍යයෙන් උසස් පෙළ සිසුන් සඳහා සිය විෂය නිර්දේශය අවසන් කර විභාගයට සූදානම් වීමට මාස 26ක කාලයක් හිමි විය යුතු බවයි. කෙසේ වෙතත්, වත්මන් රජය සිසුන්ගේ අධ්‍යයන කාලයෙන් මාස 6ක් උදුරා ගනිමින් අගෝස්තු මාසයේදී විභාගය පැවැත්වීමට තීරණය කර ඇති බවත්, මෙය සිසු දරුවන් පිළිබඳ කිසිදු සංවේදීතාවයක් නොමැතිව රජය කල් මැරීමක් බවත් ඔහු චෝදනා කරයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කර සිසුන්ට සාධාරණයක් ඉටු කරන ලෙස මන්ත්‍රීවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති කාලසටහනට අනුව, මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනි දින සිට සැප්තැම්බර් 05 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.
















