මීගමුව සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (18) පස්වරු 05.30 සිට හෙට (19) පස්වරු 05.30 දක්වා පැය 24ක කාලයක් සඳහා මෙම නිවේදනය වලංගු වේ. ඒ අනුව අදාළ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3.0 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින අතර, බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්ද පවතී. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.














