27 April 2024
#දේශීය

දේශීය නව ආරම්භක තාක්ෂණික නවොත්පාදන හතක් ආයෝජකයින් වෙත හදුන්වාදීම සිදුකෙරේ

දේශීය නව ආරම්භක තාක්ෂණික නවොත්පාදන හතක් ආයෝජකයින් වෙත හදුන්වාදීම පසුගියදා සිදුවු බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

එය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මේ වසරේ සංවිධානය කල පළමු ‘ Spiralation Demo Day’ හමුවේදී මෙම හදුන්වාදීම සිදුකෙරිණ.

මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ වන්නේ දේශීය නව ව්‍යවසායකයන්ගේ නවෝත්පාදනයන් ගෝලීය තලයකට ගෙන ඒම දිරිගැන්වීමයි. ඒ සදහා විවිධ සමාගම් වලට නවොත්පදකයන් හදුන්වාදීම සිදුකරයි. 2024 වන විට දැනුම් සේවා සහ තාක්‍ෂණ අංශ හරහා ඩොලර් බිලියන 3 ක විදේශ විනිමය ආදායමක් උත්පාදනය කිරීම අරමුණු කරගත් ජාතික වැඩ පිලිවලට සමගාමිව මෙය සිදුකෙරේ.

කෘෂිකාර්මික ව්‍යාපාර අංශයේ බෝග ඵලදායිතාව වර්ධනය කරගැනීමට ජංගම දුරකථන ඇප් (Mobile App, කෘතීම බුද්ධිය (AI) විද්‍යුත් වානිජ්‍ය E-Commerce, සහ ත්‍රිමාන මෙහෙයුම් -3D Solutions (Bluechip Technologies Asia) වැනි ක්ෂේත්‍රවල ඩ්‍රෝන් පාදක කෘෂිකාර්මික සේවා මෙම සංසදයේ දී නවෝත්පාදනයන් ඉදිරිපත්කර තිබුණි.එමෙන්ම වඩා හොඳ පාරිභෝගික සේවාවන් සදහා Augmented Reality, Virtual Reality, සහ Mixed Re-ality වැනි තාක්ෂණයන් පිළබද උනන්දු තරුණ ගවේෂකයන්ට ඉගෙනීමට සහ අත්දැකීම් ලබාගැනීමට හැකිවිය.

‘Spralation’ – තාක්ෂණ සහායය Tech Startup Support සහ සාමාජික ප්‍රදාන මුලපිරීම 2022 වසර සඳහා අයදුම්පත් භාර ගනිමින් සිටී. එමගින් වසර තුනකට අඩු තාක්‍ෂණික ව්‍යවසායකයින් සදහා රුපියල් ලක්ෂ 15 වක ප්‍රදානයක් සහ වැඩමුළු පුහුණු අවස්ථා ලබාදෙ .

මෙය තම ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යාමට සහ ගෝලීය පරිමාණයට පවා ව්‍යාප්ත කිරීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. අයදුම්පත් භාරදීමේ අවසන් දිනය 2022 අප්‍රේල් 27 (ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 11.59) අවසන් වේ.

වැඩි විස්තර සඳහා, පිවිසෙන්න: https://bit.ly/ictaspiralation22 හෝ https://bit.ly/Spiralation_2022.

Leave a comment

Your email address will not be published. Required fields are marked *