අන්තර්ජාලය හරහා මූල්‍ය අපරාධ සිදුකිරීමේ චෝදනා මත කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 17 දෙනෙකු ලබන 21 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය. මොවුන් සමඟ අත්අඩංගුවට ගත් පේරු ජාතික කාන්තාව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට ද අධිකරණය නියම කළේය.
මෙම සැකකරුවන් ස්පාඤ්ඤයට අදාළ පරිගණක පද්ධති භාවිත කරමින් මූල්‍ය වංචා සිදුකර ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන් අතර, ඔවුන් සතුව මෙරට රැඳී සිටීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍ර හෝ වීසා නොමැති බව ද අනාවරණය විය. වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබූ ජංගම දුරකතන 339ක්, ලැප්ටොප් පරිගණක 14ක් සහ රුපියල් 473,870ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ. මෙරට කේන්ද්‍රස්ථානයක් කරගනිමින් ජාත්‍යන්තර මට්ටමින් සිදුවන මෙම සයිබර් අපරාධ ජාලය පිළිබඳව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














