27 April 2024
#දේශීය

ශානී යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂකවරයා ලබන 20 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, සත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරික්ෂකවරයා අද (07) පෙරවරුවේ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට අදාළව අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අදාළව පසුගිය මස 31 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *