යුරෝපීය පරිශීලකයින්ගේ දත්ත චීනය වෙත හුවමාරු කිරීම සම්බන්ධයෙන් අයර්ලන්තයේ දත්ත ආරක්ෂණ නියාමන ආයතනය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. එම විමර්ශනයට ප්‍රතිචාර දක්වමින් චීන අන්තර්ජාල සිල්ලර වෙළඳ සමාගමක් වන ෂීන් (Shein) අඟහරුවාදා ප්‍රකාශ කර සිටියේ තම දත්ත ආරක්ෂණ වගකීම් අතිශයින් බැරෑරුම් ලෙස සලකන බවයි.
එමෙන්ම අදාළ සියලු නීතිරීතිවලට සම්පූර්ණයෙන්ම අනුකූලව කටයුතු කිරීමට කැපවී සිටින බවද සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි. පාරිභෝගිකයින්ගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම ඔවුන්ගේ ඉදිරි කටයුතුවල ප්‍රමුඛතාවක් වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.















