අයි.සී.සී. (ICC) කාන්තා විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අද (05) ප්‍රකාශයට පත් කළ අතර, එහිදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගනිමින් තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි ස්ථානයේ පසුවූ චමරි, මෑතකදී නිමාව දුටු බංග්ලාදේශ තරග සංචාරයේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් මෙලෙස ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ ඇත.
මෙම ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය නවසීලන්තයේ අමීලියා කර් (Amelia Kerr) විසින් තවදුරටත් රැකගෙන තිබේ. චමරි අතපත්තු ලැබූ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක මට්ටමින් ලබා ඇති ප්‍රමුඛතාවය තවදුරටත් තහවුරු කරන්නකි.















