ෂෙරටන් කොළඹ හෝටලය විසින් සිය ‘සිලෝන් බේක් ෂොප්’ (Ceylon Bake Shop) ආපනශාලාව හෝටල් ලොබියේ වඩාත් කාර්යක්ෂම සහ ආකර්ෂණීය නව ස්ථානයකට මාරු කර තිබේ.
මෙම නව ස්ථානය තුළ අමුත්තන්ට වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතර, නවීන පහසුකම්වලින් සමන්විතව පුළුල් කරන ලද ආහාර සහ පාන මෙනුවක් මෙහිදී අත්විඳිය හැකිය. අලුයම කෝපි වේලක සිට දිවා ආහාරය හෝ සවස් කාලයේ මිතුරන් සමඟ ගත කරන කාලය දක්වා ඕනෑම අවස්ථාවකට ගැළපෙන පරිදි මෙය නිර්මාණය කර ඇත.
නවීනතම විශේෂිත කෝපි වර්ග, ප්‍රිමියම් තේ වර්ග, අතින් සාදන ලද විශේෂ බීම වර්ග මෙන්ම නවතම මැචා (Matcha) බීම වර්ග ද මෙහිදී අමුත්තන්ට රස විඳිය හැකිය. ඊට අමතරව නැවුම් පාන් වර්ග, පේස්ට්‍රි, කේක් සහ රසකැවිලි රැසක් ද මෙහිදී ලබා ගත හැක.
ආහාර මෙනුව තවදුරටත් පුළුල් කරමින් නැවුම් සලාද, ගෝර්මෙට් සැන්ඩ්විච්, බර්ගර්, අතින් සාදන ලද පිසා (Pizzas), පැස්ටා සහ උදෑසන ආහාර වේලක් සඳහා ගැළපෙන විශේෂ ආහාර ද මෙහිදී ලබා ගත හැකිය.
















