ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සහ තරුණ පරපුර සවිබල ගැන්වීම අරමුණු කරගනිමින්, ඩ්‍රීම්රෝන් (Dreamron) කලාව සහ රූපලාවණ්‍ය විද්‍යාලය සිය 20 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය.
2006 වසරේදී ආචාර්ය ප්‍රියංක පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව සහ ඩ්‍රීම්රෝන් සමූහ ව්‍යාපාරයේ මඟපෙන්වීම යටතේ ලාභ නොලබන ආයතනයක් ලෙස ආරම්භ වූ මෙය, මේ වන විට ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණුවක් ලබා දෙන ආයතනයක් ලෙස වර්ධනය වී ඇත. දශක දෙකක කාලය තුළ සිසුන් 20,000කට අධික පිරිසකට වෘත්තීය පුහුණුව ලබා දී ඇති අතර, ඉන් බොහෝ පිරිසක් සාර්ථක ව්‍යවසායකයින් සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් බවට පත්ව සිටිති.
සංවත්සරයට සමගාමීව දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන පරිදි සිසුන් 20 දෙනෙකු වෙත පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමක් ද සිදු විය. එසේම, ජූලි මාසය පුරා සියලුම පාඨමාලා සඳහා 25%ක විශේෂ වට්ටමක් ලබා දීමට ද ආයතනය පියවර ගෙන ඇත.
ඩ්‍රීම්රෝන් විද්‍යාලය හිසකෙස් කලාව, රූපලාවණ්‍ය චිකිත්සාව, නිය ආලේපන තාක්ෂණය සහ මනාලියන් සැරසීම ඇතුළු පුළුල් පරාසයක වෘත්තීය වැඩසටහන් පිරිනමයි. රජය විසින් පිළිගත් NVQ මට්ටම 4 සහ 5 සුදුසුකම් සහිතව සහ නවීන පහසුකම්වලින් යුත් පන්ති කාමර, ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් (LMS) සහ ප්‍රායෝගික පුහුණු අවස්ථා ඔස්සේ සිසුන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීම මෙහි විශේෂත්වයකි.
දිවයින පුරා ශාඛා 10ක් ක්‍රියාත්මක වන ඩ්‍රීම්රෝන් විද්‍යාලය, මේ වන විට බංග්ලාදේශය සහ මාලදිවයින වැනි රටවල සිසුන් ද ආකර්ෂණය කර ගනිමින් ජාත්‍යන්තර මට්ටමට සිය සේවාව ව්‍යාප්ත කර ඇත. තරුණ පරපුරට රැකියා අවස්ථා නිර්මාණය කර දෙමින් සහ මෙරට ආර්ථිකයට විදේශ විනිමය උත්පාදනයට දායක වෙමින්, සමාජ සවිබල ගැන්වීම උදෙසා ඩ්‍රීම්රෝන් විද්‍යාලය ඉටු කරනු ලබන මෙහෙය සුවිශේෂී වේ.














