ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන පියුමි හංසමාලි අතර පවතින සබඳතා මෙන්ම, නීති විරෝධී මුදල් විශුද්ධිකරණය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් මුවාවෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාල හරහා උපයාගත් මුදල් සුදු කිරීමක් සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු වී ඇත.
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිට අගෝස්තු 14 වන දින මෙරටට රැගෙන එන ලද 48 හැවිරිදි ශිරාන් බාසික් මේ වන විට දින 90ක රැඳවුම් නියෝග මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් ප්‍රශ්න කරනු ලබයි. මීට පෙර කොකේන් ජාවාරම්කරුවකුගේ නිවසක තිබී පියුමි හංසමාලිට අයත් මෝටර් රථයක් සොයාගැනීමත් සමඟ, ඇගේ ව්‍යාපාරික කටයුතු සහ මෙම ජාල අතර පවතින සබඳතා පිළිබඳ සැකය තවදුරටත් තීව්‍ර විය.
කෙසේ වෙතත්, ශිරාන් බාසික් සමඟ මුදල් ගනුදෙනු සිදු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන චෝදනා පියුමි හංසමාලි විසින් තම ෆේස්බුක් ගිණුම හරහා සෘජුවම ප්‍රතික්ෂේප කර ඇත. අදාළ පුද්ගලයා තමන් කිසිදු අවස්ථාවක හඳුනාගෙන නොමැති බවත්, තමන් සතුව ඇත්තේ ස්වයං උත්සාහයෙන් හා මහන්සියෙන් උපයාගත් මුදල් පමණක් බවත් ඇය අවධාරණය කරයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කිසිදු මුදලක් තමන් සතුව නොමැති බව පවසන ඇය, තමන්ට එරෙහිව පදනම් විරහිත අසත්‍ය ප්‍රචාර පතුරුවන බවටද සඳහන් කර සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන අඛණ්ඩව පවත්වාගෙන යයි.















