“දැයට කිරුළ” වැඩසටහනට සමගාමීව සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන්, ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (12) දින මහා පැමිණිල්ලක් ගොනු කර තිබේ.
මෙම පැමිණිල්ල මගින් චෝදනා කරන්නේ, ඉසව් කළමනාකරණ සේවා (Event Management) සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු සඳහා කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව රාජ්‍ය අරමුදල් අයථා ලෙස පරිහරණය කළ බවයි. පැමිණිලිකරුවන් පවසන පරිදි, මෙම ක්‍රියාවලිය හරහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කෝටි 12කට අධික මුදලක් ද, එවකට අමාත්‍යවරයාව සිටි රංජිත් සියඹලාපිටිය මහතා කෝටි 8කට අධික මුදලක් ද වංචා කර ඇති බව සඳහන් වේ.
බදු ගෙවන ජනතාවගේ මුදල් මෙලෙස අයථා ලෙස පරිහරණය කිරීම සහ දූෂණ ක්‍රියාවලියකට සම්බන්ධ වීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස පැමිණිලිකරුවන් අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටී.
















