27 April 2024
#දේශීය

මන්ත්‍රී උද්දිකගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතාට අනුරාධපුරදී නාඳුනන තුවක්කු කරුවකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.

ඒ මහතා ඊයේ රාත්‍රියේ මෝටර් රථයෙන් තම අනුරාධපුර පෞද්ගලික නිවසට පැමිණෙමින් සිටියදී නාදුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ මෝටර් රථයට හානි සිදුව ඇති අතර ඔහුට කිසිදු අනතුරක් සිදුව නොමැත.

මෙම වෙඩි තැබීම ඊයේ රාත්‍රි 10.20ත් 10:30ත් අතර සිදුවන්නට ඇති බවයි පොලිසිය සඳහන් කළේය.

මන්ත්‍රීවරයා තම මෝටර් රථයෙන් පෞද්ගලික නිවසට පැමිණ නිවසේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අසල රථය නවතා නිවසට ඇතුළු වනවාත් සමඟම මෙම වෙඩි ප්‍රහාරය සිදුව තිබෙන බවත් ඒ මොහොතේ මන්ත්‍රීවරයා රථයෙන් එළියට බැස සිටි බවත් පොලිසිය සඳහන් කළා.

මෙම වෙඩි තැබීම මෝටර් රථයේ පසුපස ආසනයේ සිටි අයෙකු ඉලක්ක කරමින් සිදු කර තිබෙන ආකාරයක්ද දක්නට ලැබෙනවා.මෙහිදී වෙඩි ප්‍රහාරයෙන් කිහිපයක්ම එල්ල කර තිබෙන ආකාරයක් දක්නට ලැබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවත්,පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් පොලිසියේ උසස් නිලධාරී වරයෙක් සඳහන් කර සිටියා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් සිදුකරනු ලබනවා.

 

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *