27 April 2024
#දේශීය

ආසියාවේ බලශක්ති කේන්ද්‍රයේ සිහිනය සෑබෑ කරන්න කටයුතු කරන බව අමාත්‍ය ගම්මන්පිල කියයි

ආසියාවේ බලශක්ති කේන්ද්‍රයේ සිහිනය සැබැ කිරිමට බව තමාට ලබා දුන් කාර්ය මැනවින් ඉටු කරන බව බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) බලශක්ති අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කරමින්.

ඉදිරි වසර 5 සදහා ශ්‍රි ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කර ඒ හරහා ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

2010 මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රි ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්කරන බවට ජාතියට ප්‍රතිඥාවක් ලබා දුන් බවත් එය ඉටු කිරීමට තමා කටයුතු කරන බව හෙතෙම පැවසිය.

වසර 50 ක කාලයක් තුළ මන්නාරම් ද්‍රෝනියේ තෙල් හා ගෑස් නිධියක් ගැන කතා කල ද එය ප්‍ර යෝජනයට ගත්තානම් මෙරට ආර්ථිකය තුළින් ඉහල තැනකට පත්වන බව ගම්මන්පිල මහතා අවධාරණය කළේය.

රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය හා ඇමති විමල් වීරවංශ ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභගි වුහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *