ක්‍රි.පූ. 5 වැනි සියවසේ පළමුවන කාශ්‍යප රජු විසින් සිය ආරක්ෂාව සඳහා සීගිරිය පර්වත මුදුනේ ඉදි කරන ලද මාළිගාව දක්වා ඇති කළුගලෙහි නිර්මාණය කර තිබෙන පෞරාණික පඩිපෙළ ගෙවී යෑමේ බරපතළ අවදානමකට පත්වී ඇති බව සංචාරකයෝ පෙන්වා දෙති.
පඩි 1265 කින් සමන්විත පඩිපෙළෙහි සිංහ පාදයේ සිට කඳු මුදුනට ඇති පඩි 547 ක් දිනපතා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ පාවහන් ගැටීම සහ පීඩනය හේතුවෙන් මෙලෙස ගෙවී යෑමට ලක්වෙමින් පවතී. දිනපතා දස දහසකට ආසන්න පිරිසක් නැරඹීමට පැමිණෙන සීගිරිය 1982 වසරේදී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ලෝකයේ අටවැනි පුදුමය ලෙසද සැලකෙයි. පසුගිය 2025 වසරේදී පමණක් සංචාරකයන් ලක්ෂ 15 ක් සීගිරිය නැරඹීමට පැමිණ තිබේ.
















