සීගිරිය නගරයට ඊයේ අලුයම ඇතුළු වූ වල් අලි තිදෙනෙකු ගෙවත්තක අඩි 200ක පමණ බැම්මක් බිම දමා ගස්වල තිබූ කොස් ආහාරයට ගෙන ඇති බව වාර්තා වේ.
නිවෙස් හිමියන් පවසන්නේ අලුයම 3:30ට පමණ මෙම අලි පිරිස ගෙවත්තට ඇතුළු වී ඇති බවයි. මේ පිළිබඳව වනජීවී නිලධාරීන්ට දැනුම් දුන්නද, වාහන නොමැති බව පවසමින් ඔවුන් ස්ථානයට පැමිණීමෙන් වැළකී සිටි බව ප්‍රදේශවාසීන් චෝදනා කරති. වනජීවී කාර්යාලය ආසන්නයේම තම නිවෙස පිහිටා තිබුණද, දිගු කලක සිට පවතින මෙම වන අලි උවදුර නිසා තමන් නිරන්තර බියෙන් ජීවත් වන බවත්, ප්‍රදේශයේ සංචාරය කරන සංචාරකයින්ද දැඩි අවදානමකට මුහුණ දී සිටින බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.














