27 April 2024
#දේශීය

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි නිහඩ කළු විරෝධතා දිනයේදී ඉල්ලයි

පාස්කු ප්‍රහාරයට මාස 28ක් සම්පූර්ණ වූ අද (21) දිනයේදී කතෝලික සභාව විසින් නිහඬ කළු විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

රටපුරා දේවස්ථානවල කලු කොඩි ඔසවා තිබූ අතර උදෑසන 8.45ට සියලු දේවස්ථානවල සීනු නාදකර උදෑසන 9.45 දක්වා යාඥා මෙහෙයක් ද පැවැත්විණි.

එහිදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුමන් කියා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට ඉදිරිපත් කර මිය ගිය අයට සාධාරණය ඉටුකරන්නැයි සිටියේය.

එමෙන්ම නිවෙස්, වෙළඳ ව්‍යාපාරික ස්ථාන හා වාහනවල කළු කොඩි ප්‍රදර්ශනය කරමින් ජනතාවද මෙම විරෝධතාවට එක්ව සිටියහ. ප්‍රහාරයෙන් මියගිය අය හා රට වෙනුවෙන් අද රාත්‍රී 7.00 සිට 8.00 දක්වා නිවෙස්වල සිට යාඥා කරන ලෙසත් කතෝලික සභාව ජනතාවට දැනුම්දීමක් කර සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *