27 April 2024
#දේශීය

පඩියෙන් භාගේ කපන්න මෙතෙක් රජය තීරණය කර නෑ ඇමැති බන්දුල ගුණවර්ධන

රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් අඩක් අඩුකිරීමට කිසිඳු තීරණයකට පැමිණ නොමැති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ රාජ්‍ය සේවකයා අපහසුතාවට පත් කිරීමට රජය එවැනි තීරණ නොගන්නා බවයි.

එහෙත් ජාතියක් ලෙස දුෂ්කරතාවයට මුහුණ දෙන අවස්ථාවලදී ඉතිහාසය පුරා රටේ ජනතාවට කැපකිරීම් කිරීමට සිදුව ඇති බවත්, මෙම අර්බුදකාරී අවස්ථාවේ දී සෑම පුද්ගලයකුගෙන්ම පරිත්‍යාග රටක් ලෙස දේශීය හා විදේශීයව තමන් බලාපොරොත්තු වන බව මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *