ටියුනීසියානු ජනාධිපති කයිස් සයිඩ්ට (Kais Saied) වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් එරට අගනුවර වන ටියුනිස්හි දහස් සංඛ්‍යාත ජනතාවක් දැවැන්ත විරෝධතාවල නිරත වෙති.
ජීවන තත්ත්වය පහත වැටීම, ප්‍රජාතන්ත්‍රවාදය කඩාවැටීම, දේශපාලන සිරකරුවන් සංඛ්‍යාව ඉහළ යාම සහ පවතින දරුණු ආර්ථික අර්බුදයට එරෙහිව මෙම විරෝධතා පැවැත්වේ. ජනාධිපතිවරයා විසින් හදිසි බලතල අත්පත් කරගනිමින් පාර්ලිමේන්තුව අත්හිටුවීමෙන් පසු එරට මතුවූ දැවැන්තම ජනතා විරෝධය මෙය ලෙස සැලකේ.














