SINGER වෙත මෙරට වේගයෙන්ම වර්ධනය වන වෙළඳ නාමය සහ වඩාත්ම වටිනා සිල්ලර වෙළඳ (සාමාන්‍ය) වෙළඳ නාමය ලෙස සම්මානබ්‍රෑන්ඩ් ෆිනෑන්ස් (Brand Finance) ශ්‍රේණිගත කිරීම්වලට අනුව හිමි වූ සුවිශේෂී ජයග්‍රහණයක්බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් (Brand Finance) විසින් ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ වටිනාම වෙළඳ නාම 100 (Sri Lanka’s Top 100 Most Valuable Brands 2026) වාර්තාවට අනුව, SINGER ආයතනය මෙරට වේගයෙන්ම වර්ධනය වන වෙළඳ නාමය සහ වඩාත්ම වටිනා සිල්ලර වෙළඳ (General Retail) වෙළඳ නාමය ලෙස නම් කර තිබේ. මෙම ශ්‍රේණිගත කිරීම්වලදී ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙමින් සමස්තයක් ලෙස 14 වැනි ස්ථානය හිමිකර ගැනීමට සිංගර් සමත්ව ඇති අතර, එහි වෙළඳ නාම අගය රුපියල් බිලියන 13.888ක් ලෙස සටහන් වේ. වසර 149ක ඉතිහාසයක් ඇති සිංගර් ආයතනය, මැෂින් අලෙවියෙන් ඔබ්බට ගොස් අද වන විට ගෘහස්ත උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, ස්මාර්ට් ජංගම දුරකථන, පුනර්ජනනීය බලශක්ති විසඳුම් සහ මූල්‍ය සේවා ඇතුළු විවිධ ක්ෂේත්‍ර වෙත තම ව්‍යාපාර කටයුතු පුළුල් කර ඇත. පාරිභෝගික විශ්වාසය, දිවයින පුරා පැතිරුණු ජාලය සහ නව තාක්ෂණික මෙවලම් සමඟ අත්වැල් බැඳගනිමින් අඛණ්ඩව ඉදිරියට යෑමට හැකිවීම මෙම සාර්ථකත්වයට හේතු වී ඇති බව සිංගර් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා පෙන්වා දෙයි.
















