හිටපු ජනාධිපති ලේකම් සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, තමා සම්බන්ධයෙන් අසත්‍ය කරුණු සමාජගත කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බවට චෝදනා කරමින් සර්වජන බලය පක්ෂයේ නීතිඥ නලින් පතිරණ සහ එම ප්‍රවෘත්තිය විකාශය කළ දෙරණ මාධ්‍ය ජාලයට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා සිරිල් ඇන්ටන් පෙරේරා මහතා විසින් එන්තරවාසියක් යොමු කර තිබේ. අදාළ එන්තරවාසිය මගින් නියම කර ඇති දින හතක කාලසීමාව තුළ එම වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත්, එම මුදල සහ ඊට අදාළ නෛතික පොලිය අයකර ගැනීම සඳහා ස්ථිර වශයෙන්ම නඩු පැවරීමට කටයුතු කරන බව ඔහු සිය සමාජ මාධ්‍ය සටහනක් මගින් නිවේදනය කර ඇත.
















