අධ්යාපන සැලසුම්කරණය, කළමනාකරණය සහ පරිපාලනය ශක්තිමත් කිරීමේ අරමුණින් යුත් ධාරිතා වර්ධන පුහුණු වැඩසටහනකට එක්වීම සඳහා ශ්රී ලංකා අධ්යාපන පරිපාලන නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මේ වන විට ඉන්දියාවේ නවදිල්ලි නුවර සංචාරයක නිරතව සිටිති.
නවදිල්ලි නුවර පිහිටි ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුව, මෙම දූත පිරිසට මධ්යම, බස්නාහිර, ඌව, සබරගමුව, උතුරු, වයඹ සහ දකුණු පළාත් නියෝජනය කරමින් පළාත් සහ කලාපීය අධ්යාපන අධ්යක්ෂවරුන් ඇතුළත් වේ. ඔක්තෝබර් 5 වැනිදා සිට 16 වැනිදා දක්වා ක්රියාත්මක වන මෙම ධාරිතා වර්ධන වැඩසටහන සංවිධානය කර ඇත්තේ ඉන්දියාවේ ජාතික අධ්යාපන සැලසුම් සහ පරිපාලන ආයතනය (NIEPA) විසිනි. සංචාරය අතරතුර ඔක්තෝබර් 7 වැනිදා නවදිල්ලිහි පිහිටි නිල නිවසේදී ශ්රී ලංකා මහ කොමසාරිස්වරයා මුණගැසුණු මෙම නිලධාරීන්, ධාරිතා වර්ධනය හා කුසලතා සංවර්ධනය හරහා දෙරට අතර පවතින සබඳතා තවදුරටත් පුළුල් කරගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
















