වලංගු වීසා බලපත්‍ර නොමැතිව තලල්ල ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි විදේශිකයන් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගන්දර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර තායිවාන් සහ චීන ජාතිකයින් සිටින අතර ඒ අතර එක් විදේශීය කාන්තාවක් ද වන බව පොලිසිය තහවුරු කර ඇත. මොවුන් මෙරට රැඳී සිටිමින් විවිධ මූල්‍ය වංචාවන් සහ නීති විරෝධී ව්‍යාපාරවල නිරතව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් රැඳී සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී නීති විරෝධී ලෙස ළඟ තබා ගත් දුම්වැටි තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම පිරිස සංවිධානාත්මක ලෙස මෙරට තුළ සයිබර් මූල්‍ය වංචා සිදු කළේ ද යන්න පිළිබඳව ගන්දර පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














