ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ (03) කොළඹ පිටකොටුවේ පැවැත්වූ විරෝධතාවට එක්ව සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 6 දෙනෙකු අද (04) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙනවිත් තිබේ.
පොලිසිය සඳහන් කර ඇත්තේ නීති විරෝධී රැස්වීමකට සහභාගිවීම සහ ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා නොගැනීම සම්බන්ධ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
මෙම විරෝධතාව ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති සහ ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් සංවිධානය කර තිබූ අතර, එය බොරැල්ල කැම්බල් පිටිය අසලින් ආරම්භ කර මරදාන හරහා පිටකොටුව දක්වා පැමිණ තිබේ.













