සියඹලාණ්ඩුව – ඇතිමලේ ප්‍රධාන මාර්ගයේ එකේ කණුව ප්‍රදේශයේදී යතුරුපැදියක් සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ. සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයට අයත් මෙම ස්ථානයේදී සිදු වූ අනතුරින් යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා සියඹලාණ්ඩුව රෝහලට ඇතුළත් කර ඇත.
පසුව ඉන් එක් අයෙකු මියගොස් ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සියඹලාණ්ඩුව පහේ කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.












