අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
‘මෙඩි හවුස්’ නැමැති ගොඩනැගිල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බදු පදනම මත ලබාගැනීමට අදාළ ගිවිසුම් කාලය දීර්ඝ කිරීම සඳහා, ගාස්තු ලෙස රුපියල් 4,134,887ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 20ක් ලබාගැනීම මොහුට ඇති එක් චෝදනාවකි. මීට අමතරව, ඉතිරි මුදල් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක චෙක්පතක් ලබාගැනීම සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ල වී ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරයි.













