ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී සමගි ජන බලවේගයේ (SJB) මධ්‍යම පළාත් මහ ඇමති ධුර අපේක්ෂකයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පත් කරන ලෙස එම පළාතේ පක්ෂ ප්‍රබලයන් නායකත්වයෙන් ඉල්ලීම් කර තිබේ.
දැනට ගලගෙදර ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරන ඒ මහතා, මධ්‍යම පළාත් මහ ඇමති ධුරයට පත් කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන්ගේ ආශිර්වාදය ලැබී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මීට පෙර උපකුලපති ධුරයේ සේවය කරන සමයේ කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ ද, මේ වන විට විශ්‍රාම ගොස් සිටින බැවින් ඔහු එම ඉල්ලීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 21 වැනි උපකුලපතිවරයා මෙන්ම දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති ලෙස ද කටයුතු කර ඇති මහාචාර්ය දිසානායක මහතා, දූෂණ චෝදනා රහිත විද්වතෙකු ලෙස ජනතාව අතර ප්‍රසාදයට පත්ව සිටින අයෙකි.














