මැදවච්චිය විවිධ සේවා සමූපකාර සමිතියේ සභිකයින් තේරීම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමෙන් ජාතික ජන බලවේගය අභිබවා යමින් සභික ධුර 66ක් ලබා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමත්ව තිබේ. එහිදී ජාතික ජන බලවේගයට (මාලිමාව) ලබා ගැනීමට හැකි වූයේ සභික ධුර 52ක් පමණි.
මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මධ්‍යස්ථාන 20කදී ඊයේ (16) මෙම ඡන්ද විමසීම පැවැත්වුණු අතර තෝරා ගැනීමට තිබූ සමස්ත සභික ධුර සංඛ්‍යාව 120කි. කෙසේ වෙතත්, සභික ධුර 2ක් තෝරා ගැනීමට තිබූ එක් මධ්‍යස්ථානයක ඡන්ද විමසීම අවශ්‍ය ගණ පූර්ණය නොමැති වීම නිසා අත්හැර දැමීමට කටයුතු කර තිබුණි. ඒ අනුව බහුතර සභික ධුර සංඛ්‍යාවක් දිනා ගනිමින් මැදවච්චිය සමූපාකාරයේ බලය තහවුරු කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සමත්ව ඇත.















